Friday, June 20, 2014

මගේ රට

අද රටේ වෙන දේවල් ගෙන පේස්බුක් එකේ දාන පොස්ටු දැක්කම ඇත්තටම මේවා මේ රටේ ඉපදුන අයමද කියලා.
තමන්ගේ රටේ ඉතිහාසය ගැනවත් හරියට දන්නවද? හරියට තියා මොකක්වත් දන්නවද කියලා.
එක අතකට ඒවාට දොස් කියලත් වැඩක් නෑ,මොකද මන් දන්න විදිහට ලෝකේ තියන එකම රට මේක වෙන්න ඇති
තමන්ගේ රටේ ඉතිහාසය අනාගත පරපුරට නුගන්වන ඒකම රට.හේතුව ජාතිවාදේ   ඇවිස්සෙනව කියලා,අපි ඉස්කෝලෙන් ඉගෙන ගත්තෙත් නාමික ඉතිහාසයක් එහෙම තීරණ ගත්ත රටක මිනිස්සුන්ට මෙහෙම වෙන එකත් පුදුම වෙන්න දෙයක් නෑ.අතීතේ මොනවද උනේ මොනවද කලේ  කියලා දන්නේ   නැති අය අන්දයෝ හතර දෙනා අලියා ගැන කියපු දේ තමා කියන්නේ.

අපේ රට කරපු නායකයෝ ඇහුවේ ඉතිහාසේ කන්නද කියලා දැන් කන හැටි පෙනවනි.
බටහිර ජාතීන් 3න් ගොල්ලකට මේ රට යටත් කර ගන්න බැරි උනා උන්ගේ යුද බලේට, උන් අහිංසක මිනිස්සු කොච්චර අමු අමුවේ මැරුවද?
බහුබුත ඔලුවේ තියන් ඉන්න සිංහලයෝයි අනිත් උනුයි මතක තියා ගනිල්ලා සිංහල උන් ආගම ප්‍රචාරය කරන්නවත් රටවල් අල්ලන්නවත් යුද්ද කලේ නෑ කියලා.සිංහල රටේ නිදහසේ ඉන්න තමා යුද්ද කලේ කියලා.

Wednesday, June 11, 2014

හිත මොනවගේද?

ඔයාලට මොනාද තමන්ගේ හිත ගැන හිතෙන්නේ.
කිසි දෙයක් හරි යන්නේ නෑ කරන්න බෑ.එහෙම නේද
මොකක් හරි තමන්ට දරා ගන්න බැරි දෙයක් උනාම අපි හැමෝටම ඔහොම හිතෙනවා.
ඇයි ඒ තමන්ට අයිති නෑ කියල දන දැනත් අතාරින්න කැමැති නැති කම.

මොනම ප්‍රශ්නෙ කදීවත් හිත ඒ දේම ඕනේ කියල කිවුවට එකට ඉඩ දෙන්න එපා.
එහෙම උනොත් අපි කිසි වැඩකට නැති කෙනෙක් වෙනවා.
තමන්ගේ හිත පුරුදු කරන්න  අබියෝගේකට මුණ දෙන්න.ක්‍රමානුකුලව පුරුදු කලොත් හිතෙන් ගන්න පුළුවන් වැඩ
ගැන පුදුම වෙයි.හැම දෙකටම වෙලාවක් හදන් දිනපතා කරන්න.මොනවා හෝ වැඩක් ඇවිදීම උදේම නැගිටීම අක දිගට මාසයක්
කරලා බලන්න ඔයාලගේ ලොකු වෙනසක් වෙයි.

Tuesday, May 27, 2014

මටම මයි වෙන්නේ

ඔන්න මං මේ අවුරුද්දේ මුලම තව ටිකක් ඉගෙන ගන්න හිතලා.
ටෙක් එකේ කොස් එකකට දැම්ම.මාත් ෆුල් ෆිට් අකේ ක්ලාස් යන්න බලන් උන්න.
අනේ තාමත් පටන් ගත්තෙ නැහෙ.ඇහුවම උගන්නන්න ගුරුවරු නැතිලු.
අපි ඉගෙන ගන්න හිතුවම උගන්නන්න කෙනෙක් නැහැ.

Friday, May 16, 2014

මගේ තරම

මං හිතන් උන්නේ මන් හරි ෆිට් පොරක් කියල.
උදේට දුවන්න පටන් ගත්තට පස්සේ තේරුනේ මගේ තරම.
කිලොමීටර 4ක් දුවල මට බල්ලෙක්ට වඩා  හති.
අවුරුදු 10ට පස්සේ මං  දිවුවේ ඇග හොරවෙලා.
ඇවිදින්නේ කොරගහල,ඕන් මගේ තරම;  

Thursday, May 15, 2014

වෙසක් පෝයදා

උදේම පන්සල් ගිහින් සිල් සමාදන් උනා.
හවස ඇවිදින් හදපු වෙසක් කුදුව කඩය ඉස්ස්රයින් එල්ලලා.
රෑ වෙලා නිදා ගත්තා.
උදේ පාන්දර ශාරිරික වියායාම සදහා.නැගිටලා බලද්දී
මං හදපු වෙසක් කූඩුව කඋරු  හරි අරන් ගිහින්
ඒ කියන්නේ මගේ කූඩුව ලස්සනයි;

Sunday, May 11, 2014

වෙසක් පෝයදා

වෙසක් පෝයත් ලගයි.මාත් හිතාන  ඉන්නේ සිල්වත් ගන්න.
හැමදාම අපි ඉවරයක් නැති පිම්මක් නෙ  දුවන්නේ.
හැමදාම ජිවත් වෙන්න බැනි'

Wednesday, May 7, 2014

මෙහෙම වෙනවනම්

මිනිසුන් හරිම ලස්සනයි ඒ ලස්සන තවත් වැඩි වෙනවා
මිනිසුන් එක එකකෙනාගෙන් වෙන් කරලා.
අදුන ගන්න පුළුවන් අවංක හදවත් තිබුණානම්."

මෙයත් ඇගෙම නිර්මාණයක්

මේ අහස හරිම ලස්සනයි.ඒ ලස්සන තවත් වැඩි වෙනවා තරු ගොඩක් තිබුනාම.'
සයුර ගොඩක් ලස්සනයි ඒ  ලස්සන තවත් වැඩි වෙනවා රැලි ගොඩක් තිබුනාම.'
ගස්  ගොඩක් ලස්සනයි ඒ  ලස්සන තවත් වැඩි වෙනවා මල් ගොඩක් පිපුනාම.'

මගේ යෙහෙළියකගේ සිතුවිලි

හිමිදිරි පාන්දරක ආදරය කරන ලස්සන රෝස මලක්. අනේ.....බලන්න තව ටිකකින් ගිනිගහන අවු රැල්ල ඔයාව වෙන් කරයි.....
කොහොම පරිස්සම් කරලා එකතු කරන්නද පිණි බිංදුවයි රෝස මලයි..."