Tuesday, May 27, 2014

මටම මයි වෙන්නේ

ඔන්න මං මේ අවුරුද්දේ මුලම තව ටිකක් ඉගෙන ගන්න හිතලා.
ටෙක් එකේ කොස් එකකට දැම්ම.මාත් ෆුල් ෆිට් අකේ ක්ලාස් යන්න බලන් උන්න.
අනේ තාමත් පටන් ගත්තෙ නැහෙ.ඇහුවම උගන්නන්න ගුරුවරු නැතිලු.
අපි ඉගෙන ගන්න හිතුවම උගන්නන්න කෙනෙක් නැහැ.

Friday, May 16, 2014

මගේ තරම

මං හිතන් උන්නේ මන් හරි ෆිට් පොරක් කියල.
උදේට දුවන්න පටන් ගත්තට පස්සේ තේරුනේ මගේ තරම.
කිලොමීටර 4ක් දුවල මට බල්ලෙක්ට වඩා  හති.
අවුරුදු 10ට පස්සේ මං  දිවුවේ ඇග හොරවෙලා.
ඇවිදින්නේ කොරගහල,ඕන් මගේ තරම;  

Thursday, May 15, 2014

වෙසක් පෝයදා

උදේම පන්සල් ගිහින් සිල් සමාදන් උනා.
හවස ඇවිදින් හදපු වෙසක් කුදුව කඩය ඉස්ස්රයින් එල්ලලා.
රෑ වෙලා නිදා ගත්තා.
උදේ පාන්දර ශාරිරික වියායාම සදහා.නැගිටලා බලද්දී
මං හදපු වෙසක් කූඩුව කඋරු  හරි අරන් ගිහින්
ඒ කියන්නේ මගේ කූඩුව ලස්සනයි;

Sunday, May 11, 2014

වෙසක් පෝයදා

වෙසක් පෝයත් ලගයි.මාත් හිතාන  ඉන්නේ සිල්වත් ගන්න.
හැමදාම අපි ඉවරයක් නැති පිම්මක් නෙ  දුවන්නේ.
හැමදාම ජිවත් වෙන්න බැනි'

Wednesday, May 7, 2014

මෙහෙම වෙනවනම්

මිනිසුන් හරිම ලස්සනයි ඒ ලස්සන තවත් වැඩි වෙනවා
මිනිසුන් එක එකකෙනාගෙන් වෙන් කරලා.
අදුන ගන්න පුළුවන් අවංක හදවත් තිබුණානම්."

මෙයත් ඇගෙම නිර්මාණයක්

මේ අහස හරිම ලස්සනයි.ඒ ලස්සන තවත් වැඩි වෙනවා තරු ගොඩක් තිබුනාම.'
සයුර ගොඩක් ලස්සනයි ඒ  ලස්සන තවත් වැඩි වෙනවා රැලි ගොඩක් තිබුනාම.'
ගස්  ගොඩක් ලස්සනයි ඒ  ලස්සන තවත් වැඩි වෙනවා මල් ගොඩක් පිපුනාම.'

මගේ යෙහෙළියකගේ සිතුවිලි

හිමිදිරි පාන්දරක ආදරය කරන ලස්සන රෝස මලක්. අනේ.....බලන්න තව ටිකකින් ගිනිගහන අවු රැල්ල ඔයාව වෙන් කරයි.....
කොහොම පරිස්සම් කරලා එකතු කරන්නද පිණි බිංදුවයි රෝස මලයි..."